කොළඹ ප්‍රදේශ රැසකට පැය 28ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය පවසයි.
අඹතලේ සිට කෝට්ටේ ජල තටාකය වෙත ජලය සපයනු ලබන ප්‍රධාන සම්ප්‍රේෂණ නලයේ හදිසි ජලකාන්දුවක් හේතුවෙන් මෙලෙස ජලසැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය දැනුම් දෙයි.
ඒ අනුව අද(13) රාත්‍රී 8 සිට හෙට(14) මධ්‍යම රාත්‍රී 12 දක්වා එම ජල කප්පාදුව සිදුකෙරේ.
ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ පහතින්…..
කොළඹ 04, 05, 06, 07 සහ 08
කෝට්ටේ සහ කඩුවෙල මහනගර සභා බලප්‍රදේශ
මහරගම සහ බොරලැස්ගමුව නගර සභා බලප්‍රදේශ
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති