විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් අද (07) පැවැත්වීමට සැලසුම් කර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 05.00ට මෙම අමාත්‍ය මණ්ඩල රැස්වීම කැඳවා ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙම අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සිමෙන්ති, කිරිපිටි සහ ගෑස් මිල ඉහළ නැංවීමට අදාළ යෝජනා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට ද නියමිත බව වාර්තා වෙයි.
එමෙන්ම වත්මන් දේශපාලන හා ආර්ථික තත්ත්වයන් සම්බන්ධයෙන්ද මෙම අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී විශේෂ අවධානයක් යොමුවෙනු ඇත.
ඉකුත් 5වනදා ද අමාත්‍ය මණ්ඩලය රැස්වී තිබූ අතර ඒ අනුව මෙම සතිය තුළ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් පවත්වනු ලබන්නේ දෙවනවරට ද වීම විශේෂත්වයකි.
මේ අතර පාර්ලිමේන්තුව අද උදෑසන 10ට රැස්වීමට නියමිතව තිබේ.
මැතිවරණ නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ විශේෂ කාරක සභාව ද අද පස්වරු 2.00ට රැස්වන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්