අද (01) දිනයේ බස්නාහිර, සබරගමු, වයඹ යන පළාත්වලටත් මහනුවර,නුවරඑළිය,ගාල්ල හා මාතර යන දිස්ත්‍රික්වලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයෙත් සවස දෙකෙන් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර අද දහවල් 12.10ට වනාතවිල්ලුව, තඹුත්තේගම, ලබුනෝරුවසහ කදිරවේලි යන ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන් ව පවතිනු ඇති බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.
ගිගුරුම් සහිත වැසි නිසා ඇති විය හැකි තාවකාලික සුළං සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කරගන්නා ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති