අද (09) දිනයේත් පැය 03 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් සිදුකිරීම සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ලංකා විදුලි බල මණ්ඩලයට අවසර ලබා දී තිබෙනවා.
ඒ අනුව A සිට L දක්වා සහ P සිට W දක්වා කලාප 20 කට පෙරවරු 09 සිට පස්වරු 05 දක්වා පැය 02 ක් බැගින්ද පස්වරු 05 සිට රාත්‍රී 09 දක්වා පැය 01 යි විනාඩි 20 ක් බැගින්ද විදුලිය කපා හැරෙනු ඇති.
M,N,O,X,Y,Z යන කලාප සඳහා අලුයම 05 සිට පෙරවරු 08 දක්වා පැය 03 ක්ද කොළඹ නාගරික කලාපයට පෙරවරු 06 සිට පෙරවරු 09 දක්වා පැය 03 ක්ද විදුලිය කපා හරින බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළා.



More Stories
අද නිදහස් චතුරස්රය අවට විශේෂ රථවාහන සැලැස්මක්
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අදත් CIDයට
නැවතත් කාලගුණය සැරවෙන ලකුණු