අද දිනයේදීත් පැය 7 හමාරක ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතයි.
ඊයේ දිනයේ සිදුකල ආකාරයෙන්ම පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා පැය 05 ක කාලයක් සහ පස්වරු 06 සිට රාත්‍රී 11 දක්වා පැය දෙකහාමාරක කාලයක් ලෙස දිවයින පුරා විදුළි විසන්ධි කරන බවයි විදුලිබල මණ්ඩලය පවසන්නේ.
විදුලි කප්පාදුව සිදු කිරීමට මූලිකව හේතුව වී ඇත්තේ විදුලි බලාගාරවල විදුලි උත්පාදන කටයුතු සඳහා අවශ්‍ය කර ඇති ඩීසල් සහ නැප්තා නොමැති වීම හේතුවෙන්.
කෙසේ වෙතත් හෙට සිට විදුලි කප්පාදුවක් නොකරන බව විදුලිබල නිළධාරින් ජනාධිපතිවරයා සමග පෙරේදා පැවත්වු සාකච්ඡාවේදී දැනුම්දී තිබුනා.
More Stories
අද නිදහස් චතුරස්‍රය අවට විශේෂ රථවාහන සැලැස්මක්
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අදත් CIDයට
නැවතත් කාලගුණය සැරවෙන ලකුණු