වාලච්චේන ප්‍රදේශයේ අතුරුදහන් වූ 55 හැවිරිදි කාන්තාවකගේ මළ සිරුරක් ගෝනියක දමා වාලච්චේන වෙළඳසලකින් සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි
මෙම කාන්තාවක් අතුරුදන්ව ඇති බවට පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
මෙම කාන්තාව බැංකුවට යන බව පවසා නිවසෙන් පිටත්ව ගොස් ඇති අතර පසුව නිවසට නොපැමිණ ඇති බවට පැමිණිල්ලේ සඳහන් වේ.
වෙළඳ සැලේ ගෝනි දෙකක් ඇති බවට පොලීසියට ලැබුණු තොරතුරකට අනුව පොලිසිය එම ගෝනි දෙක පරීක්ෂාවට ලක් කර ඇති අතර එක් ගෝනියක පොහොර තිබී ඇති අතර සෙසු ගෝනියෙ කාන්තාවගේ මළසිරුර තිබී ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වෙළඳ සැලේ හිමිකරු සහ තීරෝද රථ ත්‍රිරෝද රථ රියදුරකු අත්අඩංගුවට ගෙන ඇති බව බවද පොලිසිය කියයි.
කාන්තාවගේ මරණය සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතව ඇත.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති