වත්මන් ජීවන වියදම සහ කොවිඩ්-19 ආශ්රිත දුෂ්කරතා සැලකිල්ලට ගෙන රජය විසින් පරිප්පු, ටින්මාළු, බී ලූණු සහ සීනි යන අත්‍යවශ්‍ය භාණ්ඩවල ආනයනික බදු ඉවත් කර තිබේ.
බදු ඉවත් කිරීම නිසා අද රාත්‍රී සිට ටින් මාළු(ලොකු) රුපියල්200කට, බී ලූණු කිලෝව රුපියල්100කට සහ සීනි කිලෝව රුපියල් 85කට මිලට ගැනීමට හැකිවනු ඇත.
මේ අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළුව රුපියල් 500කට වැඩි වටිනාකමක් සහිත භාණ්ඩ සතොසෙන් මිලදී ගන්නා විට පරිප්පු කිලෝව රුපියල් 150කට මිලට ගැනීමට විධිවිධාන සලසා තිබේ.
පොල් සංවර්ධන මණ්ඩලය, කුරුණෑගල වැවිලි සමාගම සහ හලාවත වැවිලි සමාගම කොළඹ නගරයට පොල් සැපයුම වැඩිකර ඇත. එබැවින් පාරිභෝගිකයාට සතොස අලෙවි සැල්වලින් සාධාරණ මිලකට පොල් ලබාගැනීමේ අවස්ථාව සැලසේ.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්