එළඹෙන මැතිවරණය හේතුවෙන් මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීම පරිදි එළඹෙන 05 සහ 06 යන දෙදින තුළ දිවයින පුරා පිහිටි සියලුම සුරාසැල් වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නියෝග කර තිබෙනවා.
මෙම තීරණයට අනුව ක්‍රියා නොකරන සුරාබදු බලපත්‍රධාරීන් සම්බන්ධයෙන් නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමටත් ඔවුන්ගේ බලපත්‍ර අත්හිටුවීමට මෙන්ම ඔවුන්ට එරෙහිව “කාර්මික අපරාධ” චෝදනාවන් ඉදිරිපත් කිරීමටත් දිවයින පුරා සුරාබදු නිලධාරීන් යොදවා ඇති බවත් ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව දන්වා සිටිනවා.
මේ සම්බන්ධයෙන් වන මහජන පැමිණිලි 1913 කෙටි දුරකථන අංකය ඔස්සේ සුරාබදු දෙපාර්තමේන්තු මූලස්ථානයේ ස්ථාපිත කර ඇති විශේෂ මෙහෙයුම් මැදිරිය වෙත යොමුකළ හැකි වේ.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්