අගරදගුරු තුමන් කලින්දා සිදු සිදුකළ ප්‍රකාශය පසුදින වෙනස් කර ඇති බවත් එය මෙරට කතෝලික ජනතාවටත් අනෙකුත් ජනතාවටත් අගෞරවයක් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා සඳහන් කරයි.
පාස්කු ප‍්‍රහාරය කිසියම් කණ්ඩායමක් තම බලය තහවුරු කර ගැනීමට කරන ලද්දක් යයි කී අගරදගුරු තුමන් ඊට පසුදින තම ප්‍රකාශය වෙනස් කරමින් ලෝක ත්‍රස්තවාදයක් පිළිබඳව වෙන වෙන ප්‍රකාශ සිදුකල බවද මන්ත්‍රීවරයා පැවසීය.
විජේදාස රාජපක්ෂ මහතාට මෙන් දුරකථන ඇමතුමක් කාදිනල් හිමියන්ටද පැමිණ නැතැයි තමන් විශ්වාස කරන බව ද ඔහු කියා සිටියේය.
සමගි ජන බලවේග මන්ත්‍රී කණ්ඩායම් හමුවෙන් පසු මාධ්‍ය අමතමින් ඔහු මේ බව පැවසීය.
-Lankacnews
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති