05 වසර ශිෂ්‍යත්ව විභාගය අද (18) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2894 කදී සිසුන් 334,698 දෙනෙකු විභාගයට ඉදිරිපත් වීමට නියමිත බවයි විභාග දෙපොර්තමේන්තුව සඳහන් කළේ.
මෙවර ශිෂ්‍යත්ව විභාගයේදී දෙවන ප්‍රශ්න පත්‍රය පළමුව ලබාදීමටත්, පළමු ප්‍රශ්න පත්‍රය දෙවනුව ලබාදීමටත් නියමිතයි.
නියමිත වේලාවට විභාග මධ්‍යස්ථාන වෙත පැමිණෙන ලෙසත් පීඩනයකින් තොරව දරුවන් විභාගයට යොමු කරන ලෙසයි විභාග දෙපාර්තමේන්තුව දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කරන්නේ.
More Stories
විශ්වවිද්‍යාල තුළ සිදුවන නවකවධය වැළැක්වීමට නිර්දේශ කිහිපයක්
සිංගිමලේ ජලාශයට බිලි වූ පාසල් සිසුවාගේ සිරුර හමුවෙයි
උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන් වේලාවන් සංශෝධනය වෙයි