චීනයේ වත්මන් ආර්ථික තත්ත්වය හා ආර්ථික කටයුතු සම්බන්ධව චීන මධ්‍යම රජය රැස්වීමක් පවත්වයි. චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ප්‍රධානත්වයෙන් චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශය අද (25) එම රැස්වීම පැවැත්විය.
ෂී ජින් පිං ජනාධිපතිවරයා ප්‍රමුඛ මධ්‍යම රජයේ නායකත්වය යටතේ මේ වසරේ චීන ආර්ථිකය අඛණ්ඩව හා යහපත් අන්දමින් වර්ධනය වෙමින් පවතී. එසේ ම බාහිරයෙන් එල්ල වී ඇති අහිතකර බලපෑම් හමුවේ රටේ ආර්ථිකයේ ප්‍රකෘතිය වඩාත් තහවුරු කළ යුතු බව එහිදී පෙන්වා දෙනු ලැබිණ. බාහිර පරිසරයේ පවතින අවිනිශ්චිතතාවට මුහුණ දීම සඳහා රටේ නව සංවර්ධන ආකෘතිය ගොඩනැගීම වේගවත් කරමින් ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් ස්ථාවර වර්ධනයක් සහතික කළ යුතු බව එම රැස්වීමෙන් අවධාරණය විය. ඒ සඳහා වඩාත් සක්‍රිය සාර්ව පාලන ප්‍රතිපත්ති අනුගමනය කිරීම, මධ්‍ය හා අඩුආදායම්ලාභීන්ගේ ආදායම් ඉහළ නංවා ගැනීම, සේවා පරිභෝජනය දිරිගැන්වීම වැනි පියවර ගැනීම අත්‍යවශ්‍ය බව ද එම රැස්වීමෙන් පෙන්වා දෙනු ලැබිණ. එමගින් චීන ආර්ථික සංවර්ධනය හා සමාජ ස්ථාවරත්වය ශක්තිමත් කිරීම අපේක්ෂා කෙරේ.
More Stories
චීන ජනපතිට කසක්ස්ථානයේ ජනපතිගෙන් උණුසුම් පිළිගැනීමක්
චීන-මධ්‍යම ආසියානු තිරසර සහයෝගීතාව කැළඹිලි සහිත ලෝකයට දීප්තිමත් බලාපොරොත්තුවක්
චීන ආර්ථිකයේ අඛණ්ඩ සංවර්ධනයක්