දෛනික කටයුතු සම්බන්ධයෙන් පොලිස් තොරතුරු පොත්වල සටහන් තැබීමට සීමිත නිලධාරීන් පිරිසක් යොදවා සිදුකරන ලෙසට පොලිස් මූලස්ථානය මගින් සියලුම පොලිස් ස්ථාන වෙත විශේෂ චක්‍රලේඛයක් මගින් දැනුම් දී ඇත.
පොලිස් නිලධාරීන් අතර කොවිඩ් පැතිරීම වළක්වා ගැනීම සඳහා මෙම පියවර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මේ අතර පොලිස් මූලස්ථානය විසින් සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත විශේෂ පණිවුඩයක් නිකුත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ඒ අනුව ඔහු සඳහන් කළේ, යම් පොලිස් නිලධාරියෙක් හෝ නිලධාරින් පිරිසක් හුදකලා කරන ලද ප්‍රදේශයක පදිංචිකරුවන් නම් ඔවුන්ට රාජකාරී වාර්තා කිරීමකින් තොරව අදාළ හුදකලා කාලය අවසන් වනතුරු එම පරිශ්‍රයන්ට වී රැඳීසිටින ලෙසයි.
- aruna news
More Stories
කහවත්තේ ඝාතනය ගැන තොරතුරු රැසක් ඔස්සේ පරීක්ෂණ
අනිද්දා පැය 12ක ජල කප්පාදුවක්
“හැකි සෑම අවස්ථාවකම ඉන්ධන මිල සහනය ලබාදෙනවා”