15 වැනි පස් අවුරුදු සැලසුම් කාලය තුළ ප්‍රදේශ කිහිපයක ආර්ථික හා සමාජ සංවර්ධනය පිළිබඳ සම්මන්ත්‍රණයක් අද (30) පෙරවරුවේ ෂැංහයිහිදී පැවැත්විණ. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එම අවස්ථාවට එක් වී දේශනයක් පැවැත්වීය.
මෙම වසර 14 වැනි පස් අවුරුදු සැලැස්මේ අවසන් වසර බව ෂී ජින් පිං මහතා එහිදී ප්‍රකාශ කළේය. 14 වැනි පස් අවුරුදු සැලැස්මේ අරමුණු ඉටු කිරීම වේගවත් කරන අතරම, පවතින තත්ත්වයේ වෙනස්කම්වලට අනුව මනාව උපායමාර්ගික ප්‍රමුඛතා ග්‍රහණය කර ගත යුතු බව ඔහු කියා සිටියේය. 15 වැනි පස් අවුරුදු සැලසුම් කාලය තුළ ආර්ථික හා සමාජීය සංවර්ධනය නිසි ලෙස සැලසුම් කළ යුතු බව ද ඔහු එහිදී අවධාරණය කර ඇත.

More Stories
ගෝලීය සාධාරණත්වය ආරක්ෂා කිරීමේ ප්‍රධාන බලවේගය වීමට එක්වන්නැයි BRICS රටවලට ආරාධනා– චීන විදේශ අමාත්‍ය
නව කොරොනා වසංගතයේ මූලාරම්භය පිළිබඳව ඇමරිකාව ලෝකයට නිසි පැහැදිලි කිරීමක් කළ යුතුයි–චීනය
බ්‍රික්ස් රටවල නව සංවර්ධන බැංකු මූලස්ථාන පරිශ්‍රය නිරීක්ෂණයට චීන ජනපති එක් වෙයි