17 වැනි බ්‍රික්ස් රටවල නායක රැස්වීමේ දෙවැනි හා තුන්වැනි අවධියේ සමුළුවට චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා පසුගිය 6 වනදා හා 7 වනදා සහභාගි විය. බහුපාර්ශ්වවාදය, කෘත්‍රිම බුද්ධිය, පරිසර හා දේශගුණ විපර්යාසය, ගෝලීය සෞඛ්‍ය සේවාව පිළිබඳව ලී ච්‍යං මහතා එහිදී දේශන සිදු කළේය.
“පුළුල් බ්‍රික්ස් සහයෝගිතාව” තුළින් විවෘත ගෝලීය ආර්ථිකය ගොඩනැගීමට කැප විය යුතු බව ලී ච්‍යං මහතා එහිදී පැවසීය. ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතා මට්ටම ඉහළ නැංවීමද අත්‍යවශ්‍ය කරුණකි. එමෙන්ම නව ආර්ථික වර්ධන ක්ෂේත්‍ර බිහි කළ යුතු බව ද හෙතෙම අවධාරණය කළේය.
මේ අතර ගෝලීය දේශගුණ, පරිසර හා සෞඛ්‍ය සේවා යනාදී ක්ෂේත්රවල අවදානම් ඉහළ යාම හමුවේ ජගත් ප්‍රජාව සක්‍රිය ලෙස ක්‍රියා කරමින් ඒකාබද්ධව අභියෝගවලට ප්‍රතිචාර දැක්විය යුතු බව ලී ච්‍යං මහතා කියා සිටියේය.
එමෙන්ම කෘත්‍රිම බුද්ධිය සම්බන්ධ ගෝලීය පාලනය පිළිබඳ බ්‍රික්ස් රටවල නායකයින්ගේ ප්‍රකාශය, දේශගුණික මූල්‍ය රාමුව පිළිබඳ බ්‍රික්ස් රටවල නායකයින්ගේ ප්‍රකාශය එහිදී සම්මත කෙරිණ.
More Stories
චීන ජනපති Shanxi හිදී ජපාන ආක්‍රමණයට එරෙහි චීන ජනතා යුද්ධය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ට පුෂ්පෝපහාර දක්වයි
17 වන බ්‍රික්ස් සමුළුවේ Rio de Janeiro ප්රකාශනය නිකුත් කරයි
ගෝලීය පාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ පුරෝගාමියෙකු වීමට බ්‍රික්ස් රටවල් උත්සාහ කළ යුතු බව චීන අගමැති පවසයි