ගෝඨාභය රාජපක්ෂ මහතා අද (13) පස්වරුවේ සිංගප්පූරුවට හෝ ඩුබායි වෙත යනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
රාජපක්ෂ මහතා අද (13) පෙරවරුවේ ගුවන් හමුදාවට අයත් යානයකින් මාලදිවයිනේ මාලේ අගනුවර ළඟා විය.
හෙතෙම ඩුබායි නුවරට යෑමට අපේක්ෂාවෙන් සිටින බවත් ඒ සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අවසරය ලැබෙන තෙක් බලා සිටින බවත් ආරංචි මාර්ග උපුටා දක්වමින් ‘ද ප්‍රින්ට්’ වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
ඩුබායි නුවර ගෝඨාභය රාජපක්ෂ මහතාට අයත් දේපළ තිබෙන බව අදාළ ආරංචි මාර්ග සඳහන් කර ඇත.
ඩුබායි නුවරට යෑමට නොහැකි වුවහොත් ජනාධිපතිවරයා අද පස්වරුවේ සිංගප්පූරුව වෙත යනු ඇතැයි ද එම පුවත් වාර්තාවේ සඳහන් ය.
More Stories
කහවත්තේ ඝාතනය ගැන තොරතුරු රැසක් ඔස්සේ පරීක්ෂණ
අනිද්දා පැය 12ක ජල කප්පාදුවක්
“හැකි සෑම අවස්ථාවකම ඉන්ධන මිල සහනය ලබාදෙනවා”