කොලොම්බියාවේ අගනුවර වන බොගෝටා හි රික්ටර් මාපකයේ 6.3ක ප්‍රබල භූමිකම්පාවක් අද (8) ඇති වී ඇති බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) පවසයි.
භූමිකම්පාවත් සමග ගොඩනැගිලි සෙලවී සයිරන් නාද වී ඇති අතර, ඒ හේතුවෙන් ජනතාව ආරක්ෂාව පතා වීථිවලට පැමිණ ඇති බව විදෙස් වාර්තාවන්හි දැක්වේ.
ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය (GFZ) නිවේදනය කර ඇත්තේ එය රික්ටර් මාපකයේ 6.5ක අගයක් ගෙන ඇති බවයි.
එහි අපිකේන්ද්‍රය කිලෝමීටර 10ක් (සැතපුම් 6.21) ගැඹුරින් ඇතිව තිබෙන බවත් එම මධ්‍යස්ථානය වැඩිදුරටත් දැනුම්දෙයි.
More Stories
ජන ජීවිතය ඉහළ නැංවීම හා හදිසි අවශ්‍යතා විසඳීමට චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ හා රාජ්‍ය මණ්ඩලයේ අවධානය
චීන-ඇමරිකා ආර්ථික හා වෙළඳ සාකච්ඡා යාන්ත්‍රණයේ පළමු රැස්වීම පිළිබඳ චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රතිචාරය
සෞදි අරාබිය ඇතුළු රටවල් හතරක් වෙත චීනයෙන් නිදහස් වීසා පහසුකම්